Saturday, April 19, 2025
Home » ඩයිනමයිට් යොදා මරණ ලද මසුත් තොගයක් අත්අඩංගුවට

ඩයිනමයිට් යොදා මරණ ලද මසුත් තොගයක් අත්අඩංගුවට

by yasara
August 16, 2023 10:52 am 0 comment

fish

ඩයිනමයිට් යොදා මරණ ලද මසුන් තොගයක් අලවි කිරිම සඳහා රැගෙන යන බවට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී ව්යාරපාරිකයෙක් විසින් ශීතකරන ලොරි රථයක් තුළ රැගෙන යමින් තිබූ පරා මත්ස්‍යයින්  කිලෝ 1388කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය කාර්යාලය පවසයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විෂේශ වැටලීම් ඒකකය විසින් ඊයේ (15) දින කුච්චවේලි ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.

පුපුරන ද්‍රව්‍යය යොදා මසුන් මැරීම, මරන ලද මසුන් අලෙවි කිරිම,ප්‍රවාහනය,සන්තකයේ තබාගැනීම, මෙන්ම ප්‍රදර්ශනය  කිරිම 1996 ධීවර හා ජලජ සම්පත් පනතේ 27 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් අත්අඩංගුවට ගත් සැකකරු, ශීතකරන ලොරි රථය සහ මත්සයින් තොගය කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකිරිමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ තුෂාර තරින්ද කංකානම්ගේ මහතා පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT