Home » අන්තර්ජාලයෙන් කතකට ලිංගික ආරාධනයක් කළ පොලී මුදලාලි රිමාන්ඩ්

අන්තර්ජාලයෙන් කතකට ලිංගික ආරාධනයක් කළ පොලී මුදලාලි රිමාන්ඩ්

by mahesh
August 16, 2023 1:00 am 0 comment

සිරන්ජනි කුමාරි

පොලියට මුදල් ගෙන නිසි පරිදි පොලිය නොගෙවූ කාන්තාවකට අසභ්‍ය දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ යොමු කර ලිංගික ආරාධනාවක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලී මුදලාලි මේ මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ මහතා ඊයේ (15) නියෝග කළේය. මෙසේ බන්ධනාගාරගත කරන ලද්දේ කැලණියේ පදිංචි තාරක මධුශාන් හේරත් නමැති පුද්ගලයෙකි.

සැකකරු මේ අසභ්‍ය දර්ශන කාන්තාව වෙත යොමු කරමින් සිය පොලී මුදල් නොදෙන්නේ නම් මෙවැනි ආකාරයට සිටින ලෙස ආරාධනාවක් කිරීමෙන් පරිගණක අපරාධමය වරදක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරු මීට පෙර සේවය කළ ස්ථානයේ සිම් කාඩ්පත මේ අපරාධයට යොදා ගෙන ඇති අතර, ජාලගත විමර්ශනයක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සදහන් කළේය. සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ අප්සරා බෝතේජු මහත්මිය පවසා සිටියේ අධිකරණය හමුවේ වරද පිළිගැනීමට සැකකරු සූදානම් බවත් මීට පෙර බන්ධනාගාරගත නොවූ මෙවැනි සැකකරුවන් බන්ධනාගාරගත වීමෙන් පසු වෙනත් අපරාධකරුවන් ලෙස පරිවර්තනය වීමේ හැකියාවක් ඇති බැවින් මොහු ඇප මත මුදාහරින ලෙසත්ය. අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු මේ මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT