Home » මහනුවර ඇසළ මංගල්‍යයට ‘කප’ රැගෙන ඒම අද

මහනුවර ඇසළ මංගල්‍යයට ‘කප’ රැගෙන ඒම අද

by mahesh
August 16, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් සතර මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය සිදු කිරීම සඳහා අවශ්‍ය කප අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිට මහනුවරට රැගෙන ඒම අද (16) සිදු කෙරෙයි.

අලි ඇතුන් සහිත පෙරහරකින් අලුත්නුවර සිට කිලෝ මීටර් 26ක දුරක් ගෙවා මහනුවරට රැගෙන එන කප විෂ්ණු මහා දේවාලයේදී සිව් කඩකට කපා නාථ,විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල අතර බෙදා දීම පෞරාණික චාරිත්‍රයකි. එලෙස බෙදා දෙනු ලබන කප සිව් මහා දේවාලයන්හි සුබ මොහොතට සිටුවීමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වෙයි.

මහනුවර ඇසළ පෙරහරට අදාළව සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමට ගන්නේ පණස වෘක්ෂයක කඳ කොටසකි. අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාල පරිශ්‍රයේ ඇති අඟල් 4ක පමණ විෂ්කම්භයක් ඇති පණස ගසක් තෝරා ගෙන පුද පූජා සිදු කර, සුබ නැකතට එය කපාගැනීම සාම්ප්‍රදායික චාරිත්‍රයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT