Home » තහනම් කාලයේ ගෙනැවිත් රේගුවේ රඳවාගෙන ඇති රථ නිදහස් කරයි

තහනම් කාලයේ ගෙනැවිත් රේගුවේ රඳවාගෙන ඇති රථ නිදහස් කරයි

by mahesh
August 16, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර

පොදු ප්‍රවාහනය සඳහා යොදාගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් ආනයනය කිරීමට දුන් අවසරය යටතේ ආනයනය තහනම් කාලසීමාවේ ආනයනය කොට රේගුවේ රඳවාගෙන ඇති රථ නිදහස් කරගැනීම සඳහාද අවසර හිමි වන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

එලෙස රඳවාගෙන ඇති, රේගු ප්‍රකාශන ඉදිරිපත් කර නැති රථ, ආනයන අපනයන පාලක ජනරාල් වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව තොටුපොළ තෙක් වටිනාකම (CIF Value) මත අය කෙරෙන 30%ක බද්දක් ගෙවා මුදාගත හැකි බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

පොදු ප්‍රවාහනය සඳහා යොදාගන්නා බස් රථ, විශේෂ කාර්ය සඳහා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි සහ ට්‍රක් ආයනයට පෙරේදා (14) මධ්‍යම රාත්‍රියේ සිට අවසර හිමිව තිබේ. කැළිකසළ ඉවත් කිරීම සඳහා යොදාගන්නා ලොරි, ගිනි නිවන රථ වැනි විශේෂ කාර්ය සඳහා භාවිත වන රථ සඳහාද මේ යටතේ අවසර හිමි වන බව ඒ මහතා පැවැසීය. බස් රථ ආනයනය සඳහා අවසර දීම, මඟී ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හේතු වනු ඇති බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT