සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට සමඟ ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන ඇමැතිවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (15) පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබීය.
සමඟි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු, මහ ලේකම්, මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු 9 දෙනෙක් පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා මඟින් මේ පෙත්සම් ගොනු කර ඇත. සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් වූ තමන් පසුව ආණ්ඩුවට සහාය පළ කළ බව පෙත්සම්කරුවෝ පවසති. ඉන් අනතුරුව තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කරමින් 2022 මැයි මාසයේ සිටම එම පක්ෂයේ මහලේකම්වරයා වෙතින් ලිපි කිහිපයක් ලැබුණු බව පෙත්සම්කරුවෝ පවසති.
සමඟි ජනබලවේගයේ විධායක කමිටුව එම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව පත් කර නැති බවත්, සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත් වූ රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සමකින්ද ඒ බව පෙන්වා දී ඇති බවත් පෙත්සම්වල සඳහන් වේ. ඒ අනුව සමඟි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට තමන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු බලයක් නැති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාවලට තමන් වරදකරුවන් වී ඇති බැවින් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කරමින් එම පක්ෂයේ මහලේකම් වරයා විසින් නිකුත් කළ ලිපියක් ඉකුත් ජූලි මස 24 දා තමන්ට ලැබුණු බව පෙත්සම්කරුවෝ පවසති. පක්ෂයේ විධායක කමිටුව ගත් එම තීරණය සමඟි ජන බලවේගයේ ව්‍යවස්ථාවට මෙන්ම ස්වාභාවික යුක්ති ධර්මයටද පටහැනි බවත්, එම තීරණය නීතිවිරෝධි බවට ඔවුන් කරුණු ඉදිරිපත් කර ඇත. එම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය මඟින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.