මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ මුදියන්සේ ඇළ ආශ්‍රිතව කෙරවළපිටිය ග්‍රිඩ් උපපොළේ සිට නුගපේ හන්දිය දක්වා කිලෝ වොල්ට් 33 ද්විත්ව පරිපථ සීබ්‍රා කුලුනු මත විදුලි රැහැන් මාර්ගයක් ඉදි කිරීම අවසරලත් ක්‍රියාකාරකමක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට හැකි වන පරිදි දැනට බලපැවැත්වෙන 2006 -10 -13 වැනි දිනැති අංක 1466/26 දරන අති විශෙෂ ගැසට් නිවේදනය සංශෝධනය කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා පරිසර විෂය භාර ඇමැතිවරයාට බලය ලබා දීමට 2022 -12- 19 දින ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. අදාළ විදුලි රැහැන් මාර්ගය මුදියන්සේ ඇළ ආශ්‍රිතව ඉදිකිරීම වෙනුවට මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ මායිම අද්දරින් ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇත.
මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශ මායිමේ විදුලි රැහැන් මාර්ගයක්
by mahesh
August 16, 2023 1:03 am
0 comment
497
මීලඟ පුවත