Wednesday, April 23, 2025
Home » මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශ මායිමේ විදුලි රැහැන් මාර්ගයක්

මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශ මායිමේ විදුලි රැහැන් මාර්ගයක්

by mahesh
August 16, 2023 1:03 am 0 comment

මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ මුදියන්සේ ඇළ ආශ්‍රිතව කෙරවළපිටිය ග්‍රිඩ් උපපොළේ සිට නුගපේ හන්දිය දක්වා කිලෝ වොල්ට් 33 ද්විත්ව පරිපථ සීබ්‍රා කුලුනු මත විදුලි රැහැන් මාර්ගයක් ඉදි කිරීම අවසරලත් ක්‍රියාකාරකමක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට හැකි වන පරිදි දැනට බලපැවැත්වෙන 2006 -10 -13 වැනි දිනැති අංක 1466/26 දරන අති විශෙෂ ගැසට් නිවේදනය සංශෝධනය කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා පරිසර විෂය භාර ඇමැතිවරයාට බලය ලබා දීමට 2022 -12- 19 දින ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. අදාළ විදුලි රැහැන් මාර්ගය මුදියන්සේ ඇළ ආශ්‍රිතව ඉදිකිරීම වෙනුවට මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ මායිම අද්දරින් ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT