Home » ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නංවන්න ඒකාබද්ධ වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නංවන්න ඒකාබද්ධ වැඩපිළිවෙළක්

by mahesh
August 16, 2023 1:00 am 0 comment

ගෝලීය හා කලාපීය වශයෙන් එල්ල වන අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කැර ගනිමින් නිවැරැදි විදේශ ප්‍රතිපත්තියක් තුලනාත්මකව කළමනාකරණය කැර ගැනීම පිණිස ක්‍රමෝපායික සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂ සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT