2017 අංක 8 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත මඟින් හඳුන්වා දුන් පූර්ව නඩු විභාග කටයුතු පිළිබඳ නව විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඇති වී ඇති ගැටලු සහ අභියෝග සඳහා පිළියම් යෙදීමටත්, නීති කෘත්‍යයන් කඩිනම් කිරීම සහ විනිශ්චය ලබාදීමට ගත වන කාලය අඩු කිරීමටත් හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස 2021 – 09 – 27 වැනි දින ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක අදාළ සංශෝධිත පනත් කෙටුම්පත සකස් කරනු ලැබ තිබේ.
එකී සංශෝධිත පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.