සංචාරක කර්මාන්තයෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරන සිගීරිය ආශ්රිත කලාපයේ සංවාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සීගිරිය ආශ්රිත කලාපය සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම, ග්‍රාමීය සංවර්ධනය, ආදායම් උත්පාදනය හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ඩොලර් මිලියන 15ක වියදමින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මේ ව්‍යාපෘතිය යටතේ සීගිරිය නව ගම්මාන රථගාල හා සාප්පු සංකීර්ණය,සියවස් මාර්ගය, සීගිරිය කෞතුකාගාරය,විදේශිකයන්ගේ රථගාල,පිවිසුම් මාර්ග සංවර්ධනය මෙන්ම පිදුරංගල ආශ්රිත ප්‍රදේශය,කළුදිය පොකුණ,මාපාගල ආශ්රිත ප්‍රදේශ සංරක්ෂණය මෙන්ම රාම කැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත සංරක්ෂණය කිරීමට නියමිතය.
සීගිරිය සංචාරක කලාපයක් ලෙස වැඩි දියුණු කිරීමට ඩොලර් මිලියන 15ක්
by mahesh
August 16, 2023 1:00 am
0 comment
නාඋල සමූහ
560
කලින් පුවත