Home » කර්කෝවලම් හමුදා කඳවුර ඉවත් කරන්න එපා

කර්කෝවලම් හමුදා කඳවුර ඉවත් කරන්න එපා

ගම්වාසීහු උද්ඝෝෂණය කරති

by mahesh
August 16, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාපනය, පේදුරුතුඩුව, කර්කෝවලම් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් ඉවත් කරනවාට විරෝධය පළ කරමින් ගම්වාසීන් විශාල පිරිසක් 14 දා එම කඳවුර ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම යුද හමුදා කඳවුර දෙමළ දේශපාලනඥයන් පිරිසකගේ බලපෑම මත ඉවත් කිරීමට තීරණය කොට ඇති බවට ලැබුණු ආරංචියත් සමඟම ගම්වාසීන් මේ උද්ඝෝෂණය දියත් කොට තිබේ.

ගම්වාසීන් කියා සිටියේ එම යුද හමුදා කඳවුර තිබීමෙන් තමන්ට යහපතක් මිස කිසිදු කරදරයක් අවහිරයක් සිදු නොවන බවයි. දෙමළ දේශපාලනඥයන් කුමන විරෝධයක් පළ කළද තම ගමේ ආරක්ෂාවට එම යුද හමුදා කඳවුර අවශ්‍ය බව කියමින් උද්ඝෝෂණය කළ පිරිස යාපනයේ යුද හමුදා බලධාරීන්ට සිය ඉල්ලීම ඇතුළත් ලිපියක්ද බාර දී තිබේ.

එහි සඳහන් වන්නේ පළාතේ ආරක්ෂාවට විශාල කාර්යක් සිදු කෙරෙන මෙම යුද හමුදා කඳවුර ඉවත් නොකරන ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT