Monday, April 21, 2025
Home » ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය සැමරේ

ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය සැමරේ

පාකිස්තාන-බංග්ලාදේශ දේශසීමා ආරක්ෂක සෙබළුන්ටත් රස කැවිලි

by mahesh
August 16, 2023 1:00 am 0 comment

ඉන්දියාවේ 77 වැනි නිදහස් දින උත්සවය නවදිල්ලි නුවරදී මහත් හරසරින් යුතුව සැමරූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. එරට විවිධ සංස්කෘතික අංග රැසකින් සමන්විත පැවැති නිදහස් දින උත්සවයේදී ජාතිය ඇමැතූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වර්තමානය වන විට ඉන්දියාව ගෝලීය මිතුරකු බවට පත් වී ඇතැයි ප්‍රකාශ කළ බව ද වාර්තා වේ. අර්බුදකාරී අවස්ථාවලදී ඉන්දියාව විවිධ රටවලට උපකාර කළ බවත්, එබැවින්ම ඉන්දියාව විශ්වමිත්‍රයකු බවට පත්වී ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

ඉන්දියාවේ නිදහස් දිනය සමරමින් එරට බංග්ලාදේශ දේශසීමාව අසලදී එරට දේශසීමා ආරක්ෂක හමුදා සෙබළුන්ට රසකැවිලි බෙදා දීම ද සිදු කර ඇති අතර, පාකිස්තාන දේශ සීමාව අසලදී පාකිස්තාන දේශසීමා ආරක්ෂක සෙබළුන්ටද ද රසකැවිලි බෙදා දීමට ඉන්දීය දේශසීමා ආරක්ෂක සෙබළු කටයුතු කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT