514
ඉතාලියේ නැෙඟනහිර සිසිලියානු නගරයක් වන කැටානියා හි ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටා ඇති ලෝක ප්‍රකට එට්නා ගිනි කන්ද සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟම එම ගුවන්තොටුපොළේ සියලු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය ඉරිදා රාත්‍රියේ එට්නා ගිනි කන්ද සක්‍රීය වීමට පටන් ගෙන ඇති අතර, ඉහළ අහසට ලාවා සහ අළු විසිරී ගිය බව ද වාර්තා වේ. මීටර් 3330ක් උසැති එට්නා ගිනි කන්ද යුරෝපයේ උසම ක්‍රියාකාරී ගිනි කන්ද ලෙස සැලකෙන අතර, එය වරින් වර පුපුරා යන බව ද වාර්තා වේ. අවසන් වරට එට්නා ගිනි කන්ද මහා පරිමාණයෙන් සක්‍රීය වී ඇත්තේ 1992 වසරේදීය.