Friday, April 18, 2025
Home » රණවිරු දරුවන් සදහා රු.මි. 2.76 ක අධ්‍යාපන ශිෂ්‍යත්ව

රණවිරු දරුවන් සදහා රු.මි. 2.76 ක අධ්‍යාපන ශිෂ්‍යත්ව

by chanaka
August 16, 2023 7:59 am 0 comment

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගත් රණවිරු දරුවන් 23 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.76 ක් වටිනා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්යෙන් ඊයේ (15) රණවිරු සේවා අධිකාරියේ දී සිදු කෙරිණි.

අධ්‍යාපනය තුළින් රණවිරු දරුවන් සවිබල ගැන්වීමේ අරමුණ සහිතව රණවිරු සේවා අධිකාරියේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ලලී කොබ්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න මහත්මිය, අප්සරා ගුණවර්ධන මහත්මිය සහ රේඛා සේනාධීර මහත්මිය එක්විය.

ඉතාලියේ වෙසෙන ප්‍රියන්ත මුණසිංහ ප්‍රමුඛ ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන් විසින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන ලද අතර, උසස් පෙළ අධ්‍යාපනය හදාරණ එක් රණවිරු දරුවකු සදහා මසකට රුපියල් 5000 බැගින් වසර දෙකක් සදහා රුපියල් 120,000බැගින් රණවිරු දරුවන් 23 දෙනකු සඳහා මාසිකව මූල්‍යමය ආධාර පිරිනැමීම මෙහිදී සිදුවේ.

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කේ.ජේ කුලරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ආර්.එස් වික්‍රමරත්න, රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්, පරිත්‍යාගශීලීන් සහ මව්පියන් මෙම අවස්ථාවට සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT