438
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ජනාධිපති නීතිඥවරු තිදෙනෙක් පත් කරනු ලැබූහ.
ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන
මහත්ම මහත්මීහු මේ අනුව නව ජනාධිපති නීතීඥවරු ලෙස පත් වූහ. ඔවුහු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිය පත් වීම් ලිපි ඊයේ (15) භාර ගත්හ.