Home » සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් වැඩිදියුණු කිරීමට ඩොලර් මිලියන 15ක්

සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් වැඩිදියුණු කිරීමට ඩොලර් මිලියන 15ක්

by yasara
August 15, 2023 12:02 pm 0 comment

sigiriya

සංචාරක කර්මාන්තයෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරනු ලබන සිගීරි ආශ්‍රිත කලාපයේ සංවාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන තිබේ.

සීගිරිය ආශ්‍රිත කලාපය සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම,ග්‍රාමීය සංවර්ධනය,ආදායම් උත්පාදනය හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ඩොලර් මිලියන 15ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ සීගීරිය නව ගම්මාන රථගාල හා සාප්පු සංකීර්ණය ,සියවස්  මාර්ගය, සීගිරිය කෞතුකාගාරය,විදේශීකයන්ගේ රථගාල,පිවිසුම් මාර්ග සංවර්ධනය මෙන්ම පිදුරංගල ආශ්‍රිත ප්‍රදේශය,කලුදිය පොකුණ, මාපාගල ආශ්‍රිත ප්‍රදේශ සංරක්ෂණය මෙන්ම රාම කැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත සංරක්ෂණය කිරීමට  නියමිතය.

මෙයට සමගාමීව සීගිරිය වැව විශාල සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි සංවර්ධනය කිරීම මෙන්ම ගලේවෙල වැව හා ඉනාමලුව වැව ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය කිරීමටද නියමිතය.

මීට අමතරව දඹුල්ල දිගම්පත හා කසල කළමනාකරණ ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් මෙම සංවර්ධන සැලැස්මට ඇතුලත්වේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් පසුගිය අගෝස්තු 07  දින පැවැති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කිරීම සදහා කළ ඉදිරිපත් කිරීමේදී මෙම තොරතුරු අනාවරණය ව බැව් රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලී මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT