අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වෙමින් , කුංමිං නුවර පැවැත්වෙන ” චීන – දකුණු ආසියානු ආනයන සහ අපනයන ප්‍රදර්ශනය ” සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට ඊයේ (14) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එතුමා සමග දූත පිරිස ලෙස 28 දෙනෙකු ද පිටත්ව ගොස් ඇති අතර , රටවල් 60 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය 08/16 සිට 08/20 දින දක්වා පැවැත්වීමට නියමිතය .
අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ (14) දින රාත්‍රී 10.55 ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 714 දරන ගුවන් යානයෙන් චීනයේ කුංමිං නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.