Home » ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවයි

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවයි

by yasara
August 15, 2023 10:48 am 0 comment

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙයි

මෙම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.doenets.lk), එහි ජංගම යෙදුම හෝ https://onlineexams.gov.lk/eic හරහා ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර අන්තර්ජාලය හරහා ඉදිරිපත් කළ යුතුයි.

සැප්තැම්බර් 01 වැනිදා දක්වා අයදුම්පත් භාරගන්නා බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි

මේ සම්බන්ධව විමසීමක් 1911, 0112 785 231, 0112 785 216, හෝ 0112 784 037 යන දුරකථන අංක හරහා සිදු කළ හැකියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT