කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ නතර කෙරුණු නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඒ සදහා සැලසුම් දැනටත් සකස් කර ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා මේ බව සදහන් කළේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද පැවසීය.
“ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ අරමුණ මෙරට දුගි දුප්පත් මිනිසුන් වෙනුවෙන් නිවසක් ඉදිකර දීමයි. අදටත් නිවාස නොමැති පවුල් විශාල ගණනක් රටතුළ සිටිනවා. ඉතාම දිළිදු පවුල් සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදල යටතේ නිවාස ආධාර ලබා දෙනවා. ඊට අමතරව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් “සේවාභිමානී” නමින් ණය වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව 14% ක පොලි අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 10 ක් දක්වා ඔවුන්ට ලබා දෙනවා.“