Home » වේල්ස් කුමර අවසන් පූර්ව තරගයට
17න් පහළ පළමු කොටස

වේල්ස් කුමර අවසන් පූර්ව තරගයට

by mahesh
August 11, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි

අන්තර් පාසල් අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට එක්වීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල මලියදේව විදුහල කඩුලු 6කින් පරාජය කරමින් වේල්ස් කුමරය මේ අවස්ථාව උදා කර ගත්තේය.

අවසන් පූර්ව වටයේදී වේල්ස් කුමර විදුහල මහනුවර ත්‍රිත්ව විදුහල සමඟින් තරග වැදීමට නියමිත අතර, අනෙක් අවසන් පූර්ව තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල සහ කඳාන දි මැසනෝද් විදුහල අතර පැවැත්වේ.

මලියදේව විදුහල – 135 (ඕවර 49.1) තිවංක පබසර 28, දමිත් අබේසිංහ 24 (භාසුර කල්හාර 15/2, සුවස් රණවන 26/2)

වේල්ස් කුමර විදුහල – 136/4 (ඕවර 26.3) ඕෂාන් මනීෂ 44, ප්‍රවීන් රංගන 37, සුවස් ප්‍රනාන්දු 27 (රවිඳු ප්‍රේෂල 15/2, දමිත් අබේසිංහ 37/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT