Home » පාසල් රග්බි සුපිරි වටය ඇරඹේ

පාසල් රග්බි සුපිරි වටය ඇරඹේ

by mahesh
August 11, 2023 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ‘ඒ’ කාණ්ඩයේ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ තරග අද (11) සාන්ත පීතර සහ සාන්ත අන්තෝනි විදුහල් අතර බම්බලපිටියේ සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේ පැවත්වෙන තරගයෙන් ආරම්භ වේ. ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි කොටසේ එකම අපරාජිත කණ්ඩායම වන සාන්ත පීතර විදුහලට සිය අපරාජිතභාවය තවදුරටත් රැක ගැනීමට හැකිවනු ඇතැයි අනාවැකි පළ වූවද, පළමු වටය අවසානයේ පැවති තීරණාත්මක තරගයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 34-17කින් පරාජය කරමින් සුපිරි වටයට සුදුසුකම් ලැබීමට සමත් වූ සාන්ත අන්තෝනි විදුහල් පිල වෙතින් දැඩි අභියෝගයක් එල්ල වනු ඇත.

මෙවර තරගාවලියේ කුසලානය දිනාගැනීමේ වැඩි අවස්ථාවක් ලබා සිටින ඉසිපතන විදුහල් පිල සහ බ්‍රැඩ්බි ශූර රාජකීය විදුහල් පිල අතර සුපිරි වටයේ තරගය හෙට (12) පස්වරු රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ‘ඒ’ කාණ්ඩයේ පළමු කොටසේ එකම අපරාජිත කණ්ඩායම වන ඉසිපතනය වෙතින් රාජකීයයන්ට ප්‍රබල තර්ජනයක් එල්ල වනු නිසැකය. දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ පළිහ අත්කර ගන්නා කණ්ඩායම ද මේ තරගයේදී තීරණය වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT