Home » ලක්ෂ 6ක සපත්තු ඇතුළු දේපළ සොරාගත් කිත්තා කොටු

ලක්ෂ 6ක සපත්තු ඇතුළු දේපළ සොරාගත් කිත්තා කොටු

by mahesh
August 11, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

මතුගම නගරයේ සපත්තු අලෙවිසැලක් බිඳ රුපියල් ලක්ෂ හයකට ආසන්න දේපළ සොරාගත් Òගල්ලස්සහේන කිත්තාÓ නැමැත්තා අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරු සොරා ගෙන තිබූ මිලෙන් අධික සපත්තු කුට්ටම් 69ක්, විදුලි ජනක යන්ත්‍රයක් හා බෆල් එකක් පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් හත්වැනිදා රාත්‍රියේ දී වෙළෙඳසැල ඉදිරිපස ඉබි යතුරු කඩා ඇතුළු වී තිබූ සැකකරු සොරාගත් දේපළ පොහොර උරවල දමා බස් රථයක පටවා සැකකරු පදිංචි නිවෙස වෙත රැගෙනවිත් සඟවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු පෝර උරවල සඟවා කිසියම් බඩු වගයක් රැගෙන ආ බවට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ටී. ආර්. වීරසේන මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම සොරකමට අමතරව වැලිපැන්න අධිවේගී පිවිසුම අසල මෝටර් රථය නවතා නින්දේ සිටි රියැදුරෙකු සතු වූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ වූ බව පොලිසිය කියයි.

ඒ අනුව එම දුරකතනය ද සැකකරුගේ නිවසේ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින සැකකරු මීට පෙරද සොරකම් රැසකට සම්බන්ධ වූවෙකු බව පොලිසිය කියයි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT