Sunday, April 20, 2025
Home » අම්බලන්ගොඩ දේවානන්දයේ ඩෙංගු ශ්‍රමදානයක්

අම්බලන්ගොඩ දේවානන්දයේ ඩෙංගු ශ්‍රමදානයක්

by mahesh
August 11, 2023 1:00 am 0 comment

ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්‍මදාස සිරිවර්‍ධන

අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ දරුවකු ඩෙංගු වැළඳී මිය යාමත් සමගම අම්බලන්ගොඩ ඩෙංගු භීතියෙන් ඇලලී ගොස් ඇත. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු අදාළ අංශ ලහිලහියේ ඩෙංගු මර්දන වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කරමින් සිටිති. දේවානන්ද විදුහලේ දරුවන්ගේ මවුව්පියන් පැමිණ ඊයේ පාසැල් පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීමේ මහා ශ්‍රමදානයක යෙදුන අතර ඔවුන් පාසැල් පරිශ්‍රය පිරිසිදු කරමින් සිටියේය. කෙසේ වුවද දේවානන්ද විදුහලේ ශ්‍රමදානයට පැමිණ සිටි මවුපියන් කීවේ විදුහලට අල්ලපු වත්තේ ඇති ගරාවැටුණු ගොඩනැගිල්ලේ ඩෙංගු ආකරයක් පවතින බවත් විදුහල සුද්ද කිරීම පය බරවායට පිටකර බෙහෙත් බැඳීමක් බවත්ය. එම ස්ථානයට ගොස් සොයා බැලීමේදී දැක ගන්නට ලැබුණේ එම වටිනා ගොඩනැගිල්ල කැලයෙන් යට වී ගොස් කැලේට පායපු සඳක් සේ පවතින බවයි. එහි හිස් අරක්කු බෝතල්, ටින් කැබලි, පොලිතින්, සිගරට් ඊයම් කොළ, ඇතුළු විවිධ දේ තැන තැන හා ගොඩ ගොඩනැගිල්ල තුළ විසිරී ඇති බැවින් රාත්‍රී කාලයේ විවිධ අපචාර ක්‍රියා වන සඳහා යොදා ගන්නා ස්ථානයක් බවට සැක කළ හැකිය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිමල් ඒ. ද. එස් කණගරත්න මහතා මෙසේ කීය. ජාතික පාසලක් අසල පවතින බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් මෙම ගොඩනැගිල්ල බන්ධනාගාර නිලධාරී නිල නිවස වශයෙන් පාවිච්චි කළා. මෙහි තාප්පය මීට පෙර කඩා වැටුණා. මේ වන විට ගොඩනැගිල්ල කඩා වැටීමට ආසන්නයි. මෙම සම්පත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අවශ්‍ය නොවන්නේ නම් දේව‍ානන්ද විදුහලට භාරදී දරුවන්ට චෙස් ක්‍රීඩා කිරීමට පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවායි කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT