Monday, April 21, 2025
Home » අගරු චෙක්පත් දී ගත් වාහනය ගිනි අරන්

අගරු චෙක්පත් දී ගත් වාහනය ගිනි අරන්

රක්ෂණය ගන්න පොලිසියට ගිය සැකකරු රිමාන්ඩ්

by mahesh
August 11, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

 

යාපනයේ, ඉලවාලෙයි ප්‍රදේශයේ වැසියෙකුගෙන් රුපියල් ලක්ෂ හැට දෙකක් (6200,000) වටිනා වාහනයක් මිලට ගෙන ඒ සඳහා අගරු චෙක්පතක් දී යාපනයෙන් පලාගිය පුද්ගලයෙකු ඉලවාලී පොලිසිය විසින් පෙරේදා (09) අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාස හතරකට ඉහතදී මෙම වංචාව සිදු කළ පුද්ගලයා වාහනය රැගෙන යාපනයෙන් පිටව ගොස් ඇති අතර, වාර කීපයක්ම කුලී ගමන් සඳහා යාපනයට පැමිණ තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වාහනයේ මුල් අයිතිකරු යාපනය ඉලවාලී පොලිසියට පැමිණිල්ලක් කොට සිටියදී වාහනය වංචනික ලෙස ලබා ගත් පුද්ගලයා එම වාහනයෙන් යාපනයට පැමිණ සිටි මොහොතක වාහනය කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගෙන තිබේ.

ඊට අදාළව රක්ෂණ වන්දිය ලබා ගැනීමට පොලිසියට ගිය අවස්ථාවේදී වාහනය සම්බන්ධයෙන් පොලිසියට සපයන ලද තොරතුරුවලින් සිද්ධිය හඳුනාගත් පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඉලවාලී පොලිසිය සැකකරුව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT