යාපනයේ, ඉලවාලෙයි ප්රදේශයේ වැසියෙකුගෙන් රුපියල් ලක්ෂ හැට දෙකක් (6200,000) වටිනා වාහනයක් මිලට ගෙන ඒ සඳහා අගරු චෙක්පතක් දී යාපනයෙන් පලාගිය පුද්ගලයෙකු ඉලවාලී පොලිසිය විසින් පෙරේදා (09) අත්අඩංගුවට ගෙන තිබේ.
මීට මාස හතරකට ඉහතදී මෙම වංචාව සිදු කළ පුද්ගලයා වාහනය රැගෙන යාපනයෙන් පිටව ගොස් ඇති අතර, වාර කීපයක්ම කුලී ගමන් සඳහා යාපනයට පැමිණ තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වාහනයේ මුල් අයිතිකරු යාපනය ඉලවාලී පොලිසියට පැමිණිල්ලක් කොට සිටියදී වාහනය වංචනික ලෙස ලබා ගත් පුද්ගලයා එම වාහනයෙන් යාපනයට පැමිණ සිටි මොහොතක වාහනය කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගෙන තිබේ.
ඊට අදාළව රක්ෂණ වන්දිය ලබා ගැනීමට පොලිසියට ගිය අවස්ථාවේදී වාහනය සම්බන්ධයෙන් පොලිසියට සපයන ලද තොරතුරුවලින් සිද්ධිය හඳුනාගත් පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඉලවාලී පොලිසිය සැකකරුව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.