Saturday, April 19, 2025
Home » වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් දිය යුතුයි

වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් දිය යුතුයි

by mahesh
August 11, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

කඳුකරයේ ජීවත් වන වතු ජනතාවට සිය ජීවිත අවම ලෙස හෝ පවත්වාගෙන යෑම වෙනුවෙන් සාධාරණ වැටුපක් දිය යුතු බවත්, වැටුප් දීමට සූදානම් නැති වතු සමාගම් පවරාගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු‍වේදී ඊයේ (10) ප්‍රකාශ කළේය. ශත වර්ෂ දෙකක් ගත වී ඇතත් සාධාරණ ලෙස ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා එම ජනතාවට දීමට අප සමත් වී නැති බවද අනුර දිසානායක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේ වතුකරයේ ජනතාව සම්බන්ධයෙන් පැවති සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා: “මේ වතුකරයේ ජනතාව ඉතා දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන ජනතාවක්. 1807දී එංගලන්තය වහල් වෙළෙඳාම නතර කිරීමේ නීතිය සම්මත කළා. 1833දී එංගලන්තය වහල්භාවය අහෝසි කළා. හැබැයි ඒ වකවානුවේ එංගලන්තය හා සමාන ලෙස වහල් ක්‍රමයක් අපේ රටේ ඇති කරනවා. ශත වර්ෂ දෙකක් ගත වෙලා තිබෙනවා. තාමත් ඔවුන්ට සාධාරණ ජීවිතයක් දීමට අප අසමත් වී තිබෙනවා.“

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT