Monday, April 21, 2025
Home » බදුලු රෝහලේ හිඟ විදුලි බිල කෝටි 7යි

බදුලු රෝහලේ හිඟ විදුලි බිල කෝටි 7යි

අංශ කීපයක ලයිට් කපලා

by mahesh
August 11, 2023 1:00 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

බදුල්ල ශික්ෂණ රෝහල විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු හිඟ විදුලි බිල්පත රු. කෝටි 7කට ආසන්නව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් පෙරේදා (9) හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරය යන ස්ථානවල විදුලිය විසන්ධි කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය. මේ පිළිබඳ කළ විමසීමකදී රෝහල් බලධාරීහු රෝහල විසින් මේ වන විට රුපියල් කෝටි 7කට ආසන්න විදුලි බිලක් විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති බවත්, ස්ථාන කිහිපයක විදුලිය විසන්ධි කර ඇති බව සත්‍ය කරුණක් වන අතර පවතින මේ තත්ත්වය මත ඉදිරියේදී රෝහලට සම්පූර්ණයෙන් විදුලිය විසන්ධි වීමේ අවදානමක් පවතින බවත් පැවසූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT