ගජමුතු හතරක් සමඟ කාන්තාවක් පොලිසිය විසින් පෙරේදා (09) සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.
මහනුවර ඔගස්ටාවත්ත ප්‍රදේශයේ නිෙවසක සිටිය දී මාවතගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමක දී ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මාවතගම ප්‍රදේශයේ අපරාධයකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් අදාළ නිවසේ සැඟවී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය කළ වැටලීමක දී ගජමුතු සමඟ සැකකාරිය ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැඩිදුර විමර්ශන සඳහා ඇය මහනුවර පොලිසියට භාර දී තිබේ. සැකකාර කාන්තාව හිටපු පාතාල සාමාජිකයකු වන සොත්ති උපාලිගේ දියණියක බව ද වාර්තා වේ.
මාදිවෙල, කෝට්ටේ සහ උඩහමුල්ල, බත්තරමුල්ල යන ලිපිනයන් දෙකේම ඇය පදිංචි බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.