වතු ජනතාව බලාපොරොත්තු වන්නේ අනුකම්පාව නොව සාධාරණත්වය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.
වර්තමානයේ වතු ප්‍රජාව මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයේ යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
තවදුරටත් මන්ත්‍රිවරයා මෙසේ ද පැවසීය.
මෙරට වතු ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය වනුයේ අනුකම්පාවක් නොව සාධාරණයක්. ලංකා රජය ඇතුළු ඉන්දියානු, බ්‍රිතාන්‍ය රජයන්ට මේ බව දැනුම් දී තිබෙනවා. කඳුකරයේ වතු ජනතාවට ගැටලු රැසක් පවතිනවා. ඔවුන්ගේ ඒ ගැටලු විසඳීමට පියවරගත යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වගේම සිලෝන් ටී ප්‍රසිද්ධ දෙයක් වන නමුත් දැන් ඒ දෙකම කඩා වැටී තිබෙනවා.
කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය ගැන කතා කරන නමුත් තවමත් ඔවුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. එම ජනතාව රටට පැමිණ වසර දෙසීයක් සපිරෙන අතර, සෙසු ජනතාවට තිබෙන ඉඩම් හා සංස්කෘතික අයිතිය ඔවුන්ට නැහැ.
මේ ජනතාවට ඉඩම් හා සංස්කෘතික අයිතීන් ලබාදීමෙන් වතු ජනතාව සම්පූර්ණ පුරවැසියන් ලෙස පිළිගන්නා ලෙසට ලංකා ආණ්ඩුවට දැනුම් දෙනවා.
මේ ජනතාවට අධ්‍යාපනය, ඉඩම්, සෞඛ්‍ය යනාදිය අනිවාර්යයෙන්ම රටේ සෙසු ජනතාවට මෙන් ඔවුන්ට නොඅඩුව ලබා දිය යුතුයි.