589
වෙඩි වැදීමකට ලක්ව සිටින අග්බෝ ඇතා දුර්වල තත්ත්වයට පත්වෙමින් සිටින බව වෛද්‍යවරු මට දන්වා තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) ප්‍රකාශ කළාය.
ඇමැතිවරිය මේ බව සඳහන් කළේ එම ඇතා සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තවදුරටත් ඇමැතිවරීය මෙසේ ද පැවසීය.
අග්බෝ ඇතා සම්බන්ධයෙන් ගතයුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. එම ඇතා පෙන්වා මුදල් එකතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මා දන්නේ නැහැ. ඇතාගේ ජීවිතයේ තත්ත්වය සම්බන්ධයෙන් නිගමනය කිරීමට නොහැකියි. අග්බෝට නිදහසේ සැරිසැරීමට ඉඩ ලබා දී ඇති අතර කෑම බීම සැපයීමට කටයුතු කරනවා.