පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයෙන් හින්දු ජාතික ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් එරට මුදලින් රුපියල් කෝටි 5ක කප්පමක් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජග්දීෂ් කුමාර් මුක්කි නැමැති මේ ව්‍යාපාරිකයා පැහැරගත් නාඳුනන කල්ලිය ඔහුට බරපතළ ලෙස වධ හිංසා කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
සින්ද් ප්‍රාන්තයේ කාශ්මෝර් නුවරදී මේ සිදුවීම වී ඇති අතර, ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයන් මේ පිළිබඳ කාශ්මෝර් පොලිසියට සහ කරච්චි නුවර පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ. ව්‍යාපාරිකයා පැහැර ගැනීමෙන් දින 10කට පසු ඔහුගේ පුත්‍රයාට වීඩියෝ පටයක් ලැබී ඇති අතර, සිය පියාගේ අත්පා බැඳ ඔහුට පොලු මුගුරුවලින් පහර දෙන අයුරු එම වීඩියෝ පටයේ දැක්වෙන බව ව්‍යාපාරිකයාගේ පුත්‍රයා සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.