Home » පාකිස්තාන මිත්‍රත්වයට බාධාව ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වයයි

පාකිස්තාන මිත්‍රත්වයට බාධාව ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වයයි

ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක කියයි

by mahesh
August 11, 2023 1:00 am 0 comment

පාකිස්තානය සමඟ අසල්වාසී සබඳතා අවශ්‍ය වූවද එරට ත්‍රස්තවාදයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර වාතාවරණයක් තිබිය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ පාකිස්තාන අගමැති ‍ශෙබාස් ෂරීෆ් ඉන්දියාව සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට කැමැත්ත පළ කිරීමෙන් දින කිහිපයකට පසුවය.

දෙරට අතර ගැටලුව සම්බන්ධව පාකිස්තාන අගමැතිවරයා කළ අදහස් දැක්වීම වාර්තා මඟින් දුටු බවත්, පාකිස්තානය ඇතුළු සියලු අසල්වාසී රටවල් සමඟ සාමාන්‍ය සබඳතා පැවැත්වීම ඉන්දියාවේ පැහැදිලි ස්ථාවරය බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කර තිබේ. එසේ වුවද, ඒ සඳහා පාකිස්තානය තුළ ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වය තුරන් විය යුතු බවට ඔහු අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගියදා ඉස්ලාමාබාද් නුවර පැවැති ඛනිජ තෙල් සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් එරට අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජාතිය ගොඩනැඟීම සඳහා තමන් අසල්වැසියන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT