Home » නියෝකා අද සකඳමලී රූ මුදාහරී

නියෝකා අද සකඳමලී රූ මුදාහරී

by mahesh
August 11, 2023 1:00 am 0 comment

නියෝකා සුභාෂිණී සුබසේනගේ ‘සකඳමලී’ ගීතයේ සංගීත වීඩියෝව ජනගත කිරීම අද ( 11) සවස 4ට ශ්‍රී ලංකා පදනම් ශ්‍රවණාගාරයේදී. හසිත එරංග වලගමගෙදර පද රචනා කළ මේ ගීතයේ තනුව සහ සංගීතය හසන්ත ජයලාල්ගෙනි. රූප රචනය රවීන්ද්‍ර මුණසිංහගේ ය. එදින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න බණ්ඩාර මේ පිළිබඳ විවරණයක් කරන අතර කුමාර ලියනගේ අදහස් දක්වනු ඇත.


ගරු කටානායක තුමනි

උදයසිරි වික්‍රමරත්නගේ ‘ගරු කටානායක තුමනි’ නාට්‍යය අනිද්දා ( 13) දඹුල්ල ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී. සුලෝචනා වීරසිංහ, සුදර්ශන බණ්ඩාර, ඉෂාර වික්‍රමසිංහ, මිහිරි ප්‍රියංගනී ආදීහු එහි රඟති.

———————————————————————————————————————————

ඩොනල්ඩ්ට ගමෙන් ඇගැයීමක්

ප්‍රවීණ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු වන ඩොනල්ඩ් ජයන්ත මහතාගේ සිනමා දිවියට වසර 38ක් පිරීම නිමිත්තෙන් උපහාර උලෙළක් 15 වැනිදා පෙරවරු 9ට කොටපොල ජාතික පාසලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඔහු චිත්‍රපට 65ක් සහාය අධ්‍යක්ෂණය කර ඇත.

නෙත්මි රත්නායක

———————————————————————————————————————————

රෝහණ සුළෙල ගී රොඳක

‘රෝහණ සිරිවර්ධන ආදරණීය ගී සැඳෑව’ ප්‍රසංගය 19දා සවස 6ට මහරගම යොවුන් රඟහලේදී. යාපා බණ්ඩාර සෙනෙවිරත්න රචිත ‘සුළෙල ගී රොඳ’ කෘතිය ද එදින එළිදැක්වේ. කථනය ඉන්ද්‍රසිරි සුරවීරගෙනි. විශාරද මනෝජ් පීරිස් සංගීතය මෙහෙයවයි.

———————————————————————————————————————————

අවසන් ගමන් ගිය සැන්ඩ්‍රාගේ පෙම්වතා

සැන්ඩ්‍රා බුලෝක් කියන්නේ හොලිවුඩයේ ජනප්‍රිය සිනමා තාරකාවක්. රංගන ශිල්පිනියක් වගේම නිෂ්පාදිකාවක් ලෙස ද හොලිවුඩ් රසික හදවත් දිනූ ඇයගේ පෙම්වතා බ්‍රයන් රැන්ඩෙල් පසුගියදා මෙලොවින් සමු ගත්තා. වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් වූ බ්‍රයන් මියයන විට 57වන වියෙහි පසු වුණා. 2010 වසරේ විවාහයෙන් දික්කසාද වීමෙන් අනතුරුව සැන්ඩ්‍රා 2015 වසරේදී බ්‍රයන් සමඟ සිය ප්‍රේම කතාව ආරම්භ කර තිබුණා. දෙදෙනා අතර, මෙම පෙම් කතාව ආරම්භ වී තිබුණේ සැන්ඩ්‍රාගේ පුත් ලුවීගේ උපන්දින සාදයෙහි ඡායාරූප ගැනීමට බ්‍රයන් පැමිණි අවස්ථාවේදී බව සැන්ඩ්‍රා වරෙක මාධ්‍යයට පවසා තිබුණා.

පසිඳු මිහිරාන් රැටියල

———————————————————————————————————————————

උදාරි උද්දාමයෙන්!

උදාරි වර්ණකුලසූරියගේ ආදරණීය දියණී ශෙනර්යා ඉකුත්දා 10 වැනි උපන් දිනය සැමරුවේ මෙහෙමයි.


ආඬි 20 හොරණ එති

ජනක් ප්‍රේමලාල්ගේ ‘ආඬි හතයි – කැඳ හැළියයි’ නාට්‍ය අගෝස්තු 20 දින සවස 3.30 සහ 6.30ට හොරණ ශ්‍රීපාලි රංග ශාලාවේදී.


රිදී තිරයෙන් හැලුණු කේරළයේ කතාව

සුදීප්තෝ සිං අධ්‍යක්ෂණය කළ ද කේරළ ස්ටෝරි චිත්‍රපටය අපේක්ෂිත කාලයටත් පෙර පසුගියදා රිදී තිරයෙන් ඉවත් කෙරුණා. ඊට හේතු වූයේ ද කේරළ ස්ටෝරි සිනමා සිත්තම පාඩු ලැබීම නම් නොවේ. 2023 මැයි 5 වනදා රිදී තිරයෙන් රසික නෙත් අබියසට විවර වුණු මෙම සිනමා වෘත්තාන්තය මාස 2කටත් අඩු කලක් තුළ අපේක්ෂිත ලාභය ඉක්මවා යෑම ඊට හේතු වී තිබුණා. ඉතා සුළු වියදමකින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටයෙන් ඉන්දියන් රුපියල් කෝටි 300 අධික මුදලක් උපයා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

පසිඳු රැටියල


අනෙකා සංස්කෘතික කිරීමක්

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන සංස්කෘතික කතිකාව අගෝස්තු 24දා සවස 3ට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී. එය අනෙකා සංස්කෘතික කිරීමේ ව්‍යාපෘතිය මැයෙන් නාට්‍යවේදී ධනංජය කරුණාරත්න පවත්වයි.


අලුත් විචාර මඟක්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරන නිර්මාණාත්මක කලා විචාර තරගාවලියට 31දා දක්වා විචාර භාර ගැනේ. පාසල් හා විවෘත දෙඅංශ‍යෙන්ම පැවැත්වෙන ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, අංක 21, ඇල්බට් චන්ද්‍රවංකය, කොළඹ 7 ලිපිනෙයන් සහ vapafgsnkvc@gmail.com ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT