Saturday, April 19, 2025
Home » රිදියගම අලුත් සිංහ පැටවු දෙදෙනා ප්‍රදර්ශනයට

රිදියගම අලුත් සිංහ පැටවු දෙදෙනා ප්‍රදර්ශනයට

by mahesh
August 11, 2023 1:00 am 0 comment

අම්බලන්තොට සමූහ - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

රිදියගම සෆාරි උද්‍යානයේ ‘සිනා‘ නමැති සිංහ ධේනුව විසින් බිහි කළ සිංහ පැටවුන් දෙදෙනකු ඊයේ (10) සිට මහජන ප්‍රදර්ශනයට රඳවා තිබුණේ මේ අයුරිනි. අගෝස්තු මස 10 දිනට යෙදුණු ලෝක සිංහයන්ගේ දිනය නිමිත්තෙන් ඊයේ සිට මේ පැටවුන් දවසේ සීමිත කාලයක් මහජන ප්‍රදර්ශනයට එක් කළ බව රිදියගම සත්ත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

මේ පැටවුන් දෙදෙනා බිහි කළ ‘සිනා’ සිංහ ධේනුව විසින් අවස්ථා තුනකදී පැටවුන් 9 දෙනකු බිහි කර තිබේ. ඒ අනුව අද වන විට රිදියගම සෆාරි උද්‍යානයේ බිහිව, මේ වන විට ජීවත්ව සිටින සමස්ත සිංහ පැටවුන් සංඛ්‍යාව 18කි. මේ අතර ‘ලාරා‘ නැමති සිංහ ධේනුව විසින් බිහි කළ පළමු සිංහ පැටියා වන ‘ඩෝරා‘ නමැති සිංහ පැටියා බොහෝ දෙනකුගේ ආදරය දිනාගැනීමට සමත් විය. එමෙන්ම මේ සිංහ පැටියන් දෙදෙනාට මේ වන තෙක් නම් තැබීමක් කර නැති අතර, ඔවුන්ට නම් තැබීමට රිදියගම සෆාරි උද්‍යානයේ ෆේස්බුක් පිටුව මඟින් දරුවන්ට අවස්ථාව සලසා දී තිබෙන බවත්, හොඳම නම් යෝජනා කරන කීපදෙනකුට ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බවත් හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT