Home » බැංකු මැනේජර්ගේ ගෙදරින් ලක්ෂ 4ක රත්තරන් මිසින්

බැංකු මැනේජර්ගේ ගෙදරින් ලක්ෂ 4ක රත්තරන් මිසින්

by mahesh
August 9, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

කිසිවකු නිවෙසේ නොසිටි අවස්ථාවක බණ්ඩාරගම, යටියන ප්‍රදේශයේ බැංකු කළමනාකරුවකුගේ නිවෙසට ඇතුළු වූ කිසියම් පුද්ගලයකු රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය සඳහන් කළේය.

පොලිසිය කියා සිටියේ, සොරාගන්නා ලද රන් භාණ්ඩ අතර අත් පළඳනාවක්, රන් පුරුක් දෙකක්, රන් මුදුවක්, ඇතුළු රන් භාණ්ඩ කිහිපයක් ඇති බවයි.

රැකියාවට යෑමට සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පහසු වීම සඳහා කළමනාකාරවරයා කොළඹ ප්‍රදේශයේ නිවෙසක තාවකාලිකව පදිංචිව සිටින අතර, සති අන්තයේ පමණක් මෙම නිවෙසට පැමිණීම පුරුද්දක් කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව ඉකුත් 05 වෙනි දින රාත්‍රී බිරිය සහ දරුවන් සමඟ නිවෙසට පැමිණ ඇතුළුවීමේදී ජනේලයක යකඩ ග්‍රිල් ගලවා ඇති බව දැක විමසිලිමත් වීමේදී උඩුමහලේ කාමර දෙකක අල්මාරි මෙන්ම කන්නාඩි මේසය ඇද දමා රන් භාණ්ඩ සොරාගෙන ඇති බවට ආවරණය වී ඇති බව බණ්ඩාරගම පොලිසියේ අපරාධ අංශයේ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පාණදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මෙන්ම ඇඟිලි සටහන් නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පවත්වා තිබේ. බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT