පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද නිවාසවල දොර ජනෙල්වලට සවි කර තිබූ පිත්තල සරනේරු ගැලවූ Ò ගැඩබුවානේ චූටියාÓ නමැත්තා අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
සැකකරු එලෙස සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා පිත්තල සරනේරු පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ඉකුත් මාස තුනක පමණ කාලය තුළදී පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේ අලුතින් ඉදිකළ නිවාස ඇතුළු වසා දැමූ නිවාස හයක දොර ජනෙල්වලට සවි කර තිබූ පිත්තල සරනේරු සොරුන් ගැලවීම සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
සැකකරු එලෙස සොරා ගෙන තිබූ පිත්තල සරනේරු කොළමුන්න, පිළියන්දල, අඟුලාන හා හැඩිගම ප්‍රදේශවල පරණ යකඩ බඩු මිලදී ගන්නා ස්ථානවලට ඉතා අඩු මුදලට විකුණා තිබියදී සැකකරු හෙළි කළ තොරතුරු අනුව පොලිසිය මඟින් සොයාගෙන ඇත.
සැකකරු එම සියලු මුදල් මත්කුඩු සඳහා වැය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.