Home » නවක වධය දී රිමාන්ඩ් වී සිටි සරසවි සිසුන්ට කොන්දේසි සහිත ඇප

නවක වධය දී රිමාන්ඩ් වී සිටි සරසවි සිසුන්ට කොන්දේසි සහිත ඇප

by mahesh
August 9, 2023 1:00 am 0 comment

මල්වාන සමූහ මහානාම විතානගේ රාගම - කුසුම් හැන්නදි

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට නවක වදය ලබා දීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය සිදු කොට මහර අධිකරණයට ඉදිරිපත් කරන ලද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු දැඩි කොන්දේසි ඇප මත මුදා හැරීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් සමන් දිමුතු කුමාර පරණ ලියනගේ පෙරේදා (07) පස්වරුවේ නියම කරනු ලැබිය.

ඒ අනුව මේ සිසුන් දෙදෙනා දිර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම සම්බන්ධව අවධානය යොමු කරමින් එම සිසුන් දෙදෙනා රුපියල් 7500ය බැඟින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින බව පැවසූ මහේස්ත්‍රාත්වරයා ඔවුනට මාස දෙකකට වරක් අවසන් ඉරුදින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට හා විදේශ ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.

තවද ඇප කොන්දේසි කඩ කළහොත් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් ඇප ලබා ගත යුත්තේ මහාධිකරණයෙන් බවට ද මහේස්ත්‍රාත්වරයා ඔවුනට පවසා සිටියේය.

සාක්කිකරුවන්ට බලපෑම් නො කළ යුතු බවටත් සිසුන්ට කිසිම අයුරකින් හිරිහැර නොකළ යුතු බවටත් ඔවුනට පවසා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT