Home » යම් ප්‍රමාණයක් හෝ බේරා ගන්න සමනල වැවෙන් උඩවලවට ජලය නිදහස් කළා
උඩවලව ගොවි ජනතාවගේ වී වගාවෙන්

යම් ප්‍රමාණයක් හෝ බේරා ගන්න සමනල වැවෙන් උඩවලවට ජලය නිදහස් කළා

by mahesh
August 9, 2023 1:00 am 0 comment

උඩවලව ගොවි ජනතාවගේ අවසාන අදියරේ පවතින වී වගාවෙන් යම් ප්‍රමාණයක් හෝ බේරා ගැනීම වෙනුවෙන් ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය අක්කර අඩි 16000 ක් සමනල වැවෙන් උඩවලවට නිදහස් කරන බව වාරිමාර්ග අැමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය.

අැමැති රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අැමැතිවරයා මෙසේද පැවසීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම මැදිහත් වුණා. වගා හානි වෙනුවෙන් යම් සහානයක් ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් අදාළ ආයතන සමඟ සාකච්ඡා කරනවා. කන්න රැස්වීමේදී උඩවලව ජලාශයට අදාළව තිබුණ ගැටලු සාකච්ඡා කළා. ඒ් අනුව එදින වාරි ජලය නිදහස් කර තිබෙනවා. නමුත් මූලික බිම් සැකසුම් මැයි 10 අවසන් කිරීමට නියමිත ව තිබුණත් මැයි 20 වැනිදා දක්වා දීර්ඝ වුණා. යළ කන්නය ආරම්භ වන විට උඩවලව ජලාශයේ ජලය අක්කර අඩි 24000ක් වුණත් සම්පූර්ණ කන්නය අවසන් කිරීම සඳහා වාරි ජලය අක්කර අඩි තුන්ලක්ෂ විසිහතරදහස් හත්සිය හැට දෙකක් වුණා. නමුත් උඩවලව ජලාශයේ සක්‍රිය ජල ප්‍රමාණය අක්කර අඩි එක්ලක්ෂ අනූහතර දහසක්. සැළසුම් කළ ප්‍රමාණයට වඩා ජල අවශ්‍යතාවය වැඩියි. අවසාන අදියරේ පවතින වී වගාවෙන් සියයට යම් ප්‍රමාණයක් හෝ බේරා ගැනීමට අක්කර අඩි 16000 ක් දින හතක් ඇතුළත කාලයකදී සමනල වැවෙන් මුදා හැරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළා. අගෝස්තු 08 වැනිදා සිට අක්කර අඩි 2800 බැගින් අක්කර අඩි අටදහස් හාරසියයක්ද 11 වැනි දා සිට 14 වැනි දා දක්වා අක්කර අඩි දෙදහස බැගින් තවත් දින හතරක් අක්කර අඩි 16000 ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සඳහා සතිපතා රැස්වන රැස්වීමේදී සාකච්ඡා කළා. වගා හානි වෙනුවෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන් මහවැලි අධිකාරිය ලෙස අපි මැදිහත් වෙනවා වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමඟ සාකච්ඡා කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT