Home » කැනඩා උසස් අධ්‍යාපනය පෙන්වා මුදල් ගැරූ ලින්ක් ග්ලෝබල් අධ්‍යක්ෂවරු යළි රිමාන්ඩ්

කැනඩා උසස් අධ්‍යාපනය පෙන්වා මුදල් ගැරූ ලින්ක් ග්ලෝබල් අධ්‍යක්ෂවරු යළි රිමාන්ඩ්

by mahesh
August 9, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

කැනඩාවේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යවන බව කියමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ ලින්ක් ග්ලෝබල් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කළ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් නින්සාර්, තුෂාරි නිරංජලා යන අය තවදුරටත් ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08) නියෝග කළේය.

සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ ගම්පහ සමූපකාර සංවර්ධන සමිතියේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ඇප මත මුදාහැර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT