අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් ඇද වැටී මරණයට පත්වූ 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළසිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (07) සිදුකළ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා ඇදවැටීමෙන් සිදුවූ තුවාල නිසා සිදුවූ මරණයක් බවට තීරණය කළේය.
මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් ලබා දී තිබූ වෛද්‍ය වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්කි විමර්ශනය කිරීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් කළ ශ්‍රීනිත් විජේසේකර මහතා පොත්තපිටිය පොලිස් වසමේ අලගල්ල ග්‍රාම නිලධාරිවරයා මඟින් මරණ සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව එය මියගිය අයගේ ඥාතීන් වෙත යොමු කරන ලෙස දැනුම් දුන්නේය. කරෙන් මන්ක් එබසන් (Karen Munk Ebbesen) නමැති මේ කාන්තාව මහනුවර අම්පිටියේ හෝටලයක නවාතැන් ගෙන සිට පසුගිය 10 වැනි දින කඩුගන්නාව බලා ගොස් අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් ඇද වැටී මියගොස් සිටිය දී මළ සිරුර සොයා ගනු ලැබුවේ 14 වැනිදාය.