Home » ලෝක බළල් දිනයේදී ධනවත්ම බළලා තෝරයි

ලෝක බළල් දිනයේදී ධනවත්ම බළලා තෝරයි

by mahesh
August 9, 2023 1:00 am 0 comment

ජාත්‍යන්තර බළල් දිනය යෙදී තිබුණු ඊයේ ඉන්ඩියා ටයිම්ස් පුවත් සේවය ලොව වඩාත්ම ධනවත් බළලුන් දසදෙනාගේ ලැයිස්තුවක් නිකුත් කළේය. එම ලැයිස්තුවට අනුව ලොව ධනවත්ම බළලා ලෙස වාර්තා වන්නේ බුරුම- පර්සියානු මිශ්‍ර සම්භවයක් සහිත නල නමැති බැළලියකි. අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර වරිසිරි නමැති තරුණියක විසින් මීට වසර ගණනාවකට පෙර සුරතල් සතුන් අලෙවි කරන සාප්පුවකින් මිලදී ගෙන හදා වඩා ගත් ‘නල‘ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් බව ඉන්ඩියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. ලොව ජනප්‍රියතම බළලා ලෙසත්, ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටින බළලා ලෙසත් ගිනස් වාර්තාවටත් හිමිකම් කියන්නේ මේ බැළලිය. මේ වනවිට ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ ඇගේ අනුගාමිකයන් පිරිස මිලියන 4.4ක් බව ද වාර්තා වේ.

සත්ව සුබසාධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල විසින් වසර 2002 දී ආරම්භ කළ ලෝක බළලුන්ගේ දිනය සෑම වසරකදීම අගෝස්තු 8 වැනිදාට යෙදී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT