518
ඖෂධ හා රසායනික ද්‍රව්‍ය ඇතුළු විවිධ භාණ්ඩ රැසක් ආනයනය කිරීමට ඉන්දියාව සමඟ ආර්ථික හා වාණිජ ගිවිසුම් ඉහළ දැමීමට වෙනිසියුලාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑතකදී ඉන්දියාවේ සංචාරයක නිරත වූ වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර ආර්ථික හා වාණිජ සබඳතා ඉහළ දැමීම අත්‍යවශ්‍ය වී ඇති බවය. ලතින් අමෙරිකානු කලාපයේ රටක් ලෙස වෙනිසියුලාවට ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ඇගැයීමට ලක් කරමින් එරට උප ජනාධිපතිවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා රාශියක් පැවැත්වීමට අවධානය යොමු වී ඇති බවය.