මාධ්‍ය මගින් අනුමාන කරන පරිදි විදුලිය සඳහා මිල සංශෝධනයක් සිදු නොවන බව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (7) ප්‍රකාශ කළේය.
ඔහුගේ නිළ X ගිණුමෙහි ප්‍රකාශ කර ඇති පරිදි රජයේ ප්‍රතිපත්තිය වන්නේ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සංශෝධනය කිරීමයි
කාලසටහන්ගත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති බව පැවසූ ඒ මහතා දැනට පවතින විදුලි බලාගාරවල සම්පූර්ණ ධාරිතාවය විදුලි උත්පාදනය සඳහා භාවිත කරන බවද සඳහන් කරයි
නිකුත් කළ හැකි උපරිම ජල ප්‍රමාණය සහ නියමිත විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සම්බන්ධයෙන් ලංවිම සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ ඊයේ (6) ජනාධිපති කාර්යාලයේ දී හමුවක් පැවති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය