Sunday, April 20, 2025
Home » විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් වන සොයා ගැනීමක්

විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් වන සොයා ගැනීමක්

by yasara
August 7, 2023 12:33 pm 0 comment

විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් ඇතිකරලීමට සමත් මිනිස් අස්ථි බද්ධ කිරීමේදී අත්‍යාවශ්‍ය වන මිල අධික අමුද්‍රවයක් වෙනුවට භාවිතයට ගත හැකි හරක් ඇටකටුවලින් නිශ්පාදිත Bone graft material විශේෂයක් නිපදවීමට ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ව්‍යවසායක, සහ පර්යේෂකයෙකු වන මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා සමත් වී ඇත.

නවසීලන්තයේ ඔටාගෝ, විශ්ව විද්‍යාලය සමග සහයෝගයෙන් මෙම පර්යේෂණය සිදු කර ඇති බව වාර්තා වෙයි

සාමාන්‍යෙයන් අස්ථි බද්ධ කිරීම සඳහා භාවිතයට ගැනෙන ආනයනික අමුද්‍රව්‍ය මිල අධික වන අතර හරක් කටුවලින් නිපදවන මෙම Bone graft material දැරිය හැකි මිලකට නිපදවිය හැකි බව ඒ මහතා පැවසීය.

අතීතයේ ගවයන්ගෙන් ලබාගත් අස්ථි භාවිතා කර අමු ද්‍රව්‍ය නිපදවීමේදී හරක් කටුවල ඇති (Prion) නමැති අහිතකර ප්‍රෝටීනය මිනිස් ශරිරයට සම්ප්‍රේෂණය වී ස්නායු විකෘතිතා ඇති වීම ගැටලුවක්ව පැවති බව මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා පැවසීය.

නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම KDU සමඟ සමීප සහයෝගීතාවයෙන් නිපදවු මෙම නව නිශ්පාදනයේදී (Prion)නමැති අහිතකර ප්‍රෝටීනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහතිකවම සිදුකර ඇති බව පැවසීය.

මෙම නව නිශ්පාදනය තුලින් විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් ඇතිකල හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරියේදී මෙම අමුද්‍රව්‍ය අස්ති බද්දයකට භාවිතා කිරීමට බලාපොරොත්තු වන බව පැවසු මහාචාර්යවරයා (Natuonal medicines regulatory Authority)ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසරය ලද වහාම ඒ සදහා ඉදිරි කටයුතු සිදුකරන බව පැවසීය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT