Monday, April 21, 2025
Home » නව මෝටර් වාහන පනතක් සකස් කිරීමට මහජන අදහස් විමසයි

නව මෝටර් වාහන පනතක් සකස් කිරීමට මහජන අදහස් විමසයි

by chanaka
August 7, 2023 12:28 pm 0 comment

නව මෝටර් වාහන පනතක් සකස් කිරීම සදහා මහජන අදහස් විමසීමක් ආරම්භ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් මහජනතාව වෙත සපයනු ලබන සේවාවන් ඔවුන්ගේ කාලීන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි වෙනස් කිරීමේ අරමුණින් දැනට ක්‍රියාත්මකවන මෝටර් වාහන පනත වෙනුවට අලුත් වෙමින් පවතින තාක්ෂණික, ආර්ථික, සමාජීය තත්ත්වයන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන වූ නව කෙටුම්පතක් සැකසීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

එහිදී පහත අරමුණු ප්‍රමුඛව නව යෝජනා සලකා බැලේ.

*මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට හැකිවන පරිදි අදාළ වගන්ති අන්තර්ගත කිරීම.
*නූතන තාක්ෂණයට ගැලපෙන පරිදි සේවා සැපයුම කාර්යක්ෂම කිරීමට අදාළ විධිවිධාන සැකසීම.
*අනාගත සංවර්ධන වැඩසටහන්වලට අදාළ වගන්ති අන්තර්ගත කිරීම.
*නව වගන්ති අවශ්‍යවන නව ක්ෂේත්‍ර පිළිබඳ විමසා බැලීම.

උක්ත අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා යෝජිත නව මෝටර් වාහන පනත් කෙටුම්පත සදහා ජනතාවගේ අදහස් හා යෝජනා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දෙන්නැයි දැනුම් දේ.

ඒ අනුව commdev@dmt.gov.lk විද්‍යුත් ලිපිනයට හෝ 0775584322 වට්ස්ඇප් අංකයට හෝ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයට අදහස් හා යෝජනා යොමු කළ හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT