Home » අංක තහඩු ව්‍යාජව සැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

අංක තහඩු ව්‍යාජව සැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

by yasara
August 7, 2023 10:45 am 0 comment

යතුරුපැදිවල අංක තහඩු සකස් කිරීම සිදුකල පානදුර පිහිටි මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

අකුරැස්ස, වලිදූව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පානදුර මාලමුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ යතුරුපැදි ස්ටිකර් සකස් කරන අතරතුර ජාවාරම කරගෙන බවට බස්නාහිර පළාත් බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම කර තිබේ.

උපාය දූතයෙකු යොදා පොලිස් යතුරුපැදියක අංක තහඩුවක් නිපදවාගෙන වැටලීම සිදුකර ඇති බවද සදහන් වේ.

අංක තහඩු වලට අලවන DMC ලාංඡන සහිත ස්ටිකර් දහසකට ආසන්න ප්‍රමාණයක් , රාජ්‍ය ලාංඡන සහිත ස්ටිකර් සීයකට ආසන්න ප්‍රමාණයක්, නිමකල අංක තහඩු 10 ක් , ඒ සදහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

එක් යතුරුපැදියක දෙපස අංක තහඩු සකස් කිරිමට රුපියල් තුන්දහසක මුදලක් අයකර ඇති බව සැකකරුගේ ප්‍රකාශ වලින් හෙලිව ඇතැයිද පොලිසිය සදහන් කරයි.

ඩිජිටල් මුද්‍රණ සිදුකරන ස්ථානයන් වෙතින් ලාංඡන සහිත ස්ටිකර් සකස් කරගෙන ඇති බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවත් පොලිසිය පැවසීය .

පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීම් ඇතුළු අපරාධ සදහා යොදාගත් යතුරුපැදි සදහා මෙසේ අංක තහඩු යොදාගෙන ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT