585
වව්නියාව බන්ධනාගාරය තුළ සිටි එක් රැදවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙන් සති දෙකක කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද (7) දින අවසන් වීමට නියමිත බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව 2023.08.08 වන දින සිට සාමාන්‍ය පරිදි බන්ධනාගාරගත රැදවියන්ට හා බන්ධනාගාර නිලධාරීන් හට දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් නිලධාරීන් දැනුවත් කර ඇති බව සඳහන් වෙයි