412
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්හි ‘අලුත් රටක් – අලුත් ගමක්’ ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනට සහභාගි වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නැඟෙනහිර පළාතේ ගොවිබිම් රැසකට ගොස් ගොවීන් හා අදහස් හුවමාරු කරගත්තේය. ත්‍රිකුණාමලය කාවන්තිස්සපුර ගොවිබිමට ගිය අවස්ථාවේදී ගම්මානයේ අස්වනු නෙළමින් සිටි ගොවීන් සමඟ අගමැතිවරයා පිළිසඳරක නියැළුණු අයුරු. නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ.