මීරිගම අංක 41 හල්පෙ ශ්‍රී මුනින්දාරාමාධිපති, ඉඳුරුවේ නාරද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සංඝ සභික නාහිමියන්ගේ ශිෂ්‍යයින් තෙනමක් උපසම්පදාව ලැබීමෙන් පසු විහාරස්ථානයට වැඩම කරවීම හා පිළිගැනීම දීවෙල මහින්ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 30 දා සිදු කෙරිණි. මෙසේ පිළිගනු ලැබූයේ අනුරාධපුරයේ සාන්ත සිරි, මාතලේ සුදේව සහ මාලිම්බඩ ධම්මරතන යන හිමිවරුන්ය.
නවක උපසම්පදා හිමිවරුන් රේන්දපොළ මංසන්ධියේ සිට මහා පෙරහරකින් විහාරස්ථානය කරා වැඩම කරවනු ලැබූහ. අනුනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා පැවති අතර විශේෂ දේශනය පවත්වනු ලැබූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු පිරිවෙන් අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාර කඩිගමුව මහතා විසිනි.