Monday, April 21, 2025
Home » සොරදෙටුවෙක් යතුරුපැදියක් පාපැදි එකොළහක් සමඟ මාට්ටු

සොරදෙටුවෙක් යතුරුපැදියක් පාපැදි එකොළහක් සමඟ මාට්ටු

by mahesh
August 4, 2023 1:00 am 0 comment

දෙහිවල - ඩී.පී. හේරත්

යතුරුපැදි සහ පාපැදි සොරා ගන්නා ලද අධිකරණ වෙරෙන්තු හතරක් ද ඇති සොරදෙටුවකු යතුරුපැදියක් සහ පාපැදි එකොළහක් සමඟ පෙරේදා (02) දෙහිවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල වෙරළ තීරයේ පදිංචිව සිටින වයස අවුරූදු 28 ක්ද වන අතර මීට පෙර සොරකම් ගණනාවකට අධිකරණයෙන් විවෘත වරෙන්තු හතරක් ඇති පොලිසිය සොයමින් සිටි පුද්ගලයෙකු ද වන බවත් පොලිසිය පවසයි.

සැකකරු විසින් සොරාගත් යතුරුපැදිය හා පාපැදි එකොළහක් දෙහිවල, කොහුවල, වැල්ලවත්ත හා ගල්කිස්ස යන ප්‍රදේශවලට ඉතා අඩු මුදලකට අලෙවි කර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයි ද පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT